හෙට සිට සුළං වැඩිවෙයි

“ගජ” සුළි කුණාටු තත්ත්වයේ බලපෑම හේතුවෙන් උතුර සහ උතුරුමැද පළාත්වල හෙට(14) සහ අනිද්දා (15) සුළං තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කෙරෙන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

යාපනය අර්ධද්වීපය හරහා හමන සුළඟේ වේගය පැයට කිලෝමීටර් 100ක් දක්වා වර්ධනය විය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එමෙන්ම මන්නාරම, පුත්තලම, ත්‍රිකුණාමලය, අනුරාධපුර, පොළොන්නරුව, කිළිනොච්චි, මුලතිව් සහ වව්නියා දිස්ත්‍රික්ක හරහා සුළඟේ වේගය පැයට කිලෝමීටර් 80 ක් දක්වා වර්ධනය වනු ඇති බව ද සඳහන් වේ.

Exit mobile version