වාර්ෂික ඇසළ මහා පෙරහැරේ සධාතුක කරඬුව මංගල හස්ති රාජයා මත තැන්පත් කරයි

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොල්ලුපිටිය, වාළුකාරාම විහාරස්ථානයේ වාර්ෂික ඇසළ මහා පෙරහැරේ සධාතුක කරඬුව මංගල හස්ති රාජයා මත තැන්පත් කිරීම ඊයේ (15) දින සිදු කෙරුණි.වාලූකාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකෙරුණු ගණදෙවි දේවාලය අග්‍රාමාත්‍යතුමන්ගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීම ද මෙහිදී සිදු කෙරුණි.

සධාතුක කරඬුව වැඩම කරවීම නීතිය සාමය හා දක්‍ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා අතින් සිදුවූ අතර මෙම අවස්ථාවට විහාරාධිපති පූජ්‍ය මහරගම නන්ද හිමියන්, පොලිස්පති පූජිත ජයසුන්දර මහතා සහ රෝසි සේනානායක මහත්මිය ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.

Exit mobile version