ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මූල්‍ය ප්‍රධානියා යළි රිමාන්ඩ්

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මූල්‍ය ප්‍රධානී පියල් දිසානායක මහතා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

අදාල නඩුව අද කැඳවූ අවස්ථාවේ කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය සැකකරු ලබන 21 වනදා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළ බවයි වාර්තා වන්නේ.

සැකකරුගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය එදින ප්‍රකාශ කරන බව ද මහේස්ත්‍රාත්වරයා එහිදි දැනුම්දී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදුකරන බැවින් සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා තිබේ.

Exit mobile version