තලවාකැලේ වෙළඳසැල් දෙකක ගින්නක් – PHOTOS

තලවාකැලේ නගර මධ්‍යයේ අද(16) අලුයම 2 ට පමණ හට ගත් ගින්නකින් වෙළඳසැල් දෙකක් ගිනිගෙන විනාශ වි ඇත.

තලවාකැලේ නගර මධ්‍යයේ පිහිටි මිරිස් ඇඹරුම් වෙළඳසැලකින් හට ගත් ගින්න පැතිර ගොස් අසල තිබු ෆැන්සි භාණ්ඩ අලෙවි කරන වෙළඳසැලකට ද ගින්නෙන් දැඩි අලාභ හානි සිදු වි තිබේ.

පැතිර ගිය ගින්න තලවකැලේ ලිදුල නගර සභාවේ ගිනි නිවන ඒකකය නුවරඑලිය මහ නගර සභාවේ ගිනි නිවන ඒකකය, තලවාකැලේ පොලිසිය හා ප්‍රදේශවාසින් එක්ව පාලනය කර තිබෙන බවයි අප වාර්තාකරු පැවසුවේ.

ගින්නෙන් කිසිවෙකුටත් අනතුරක් සිදු වි නොමැති අතර, ගින්නෙන් සිදු වු අලාභයද මෙතෙක් තක්සේරු කර නොමැත.

ගින්නට හේතුව විදුලි කාන්දුවිමක් බවට දැනට කරන ලද පරික්ෂණ වලදි අනාවරණය වි ඇති බවයි අනතුර පිලිබඳ පරික්ෂණ පවත්වන තලවකැලේ පොලිසිය කියා සිටියේ.

 

Exit mobile version