Home දේශීය පුවත් හෙරොයින් තොගයක් සමඟ 2ක් අත්අඩංගුවට

හෙරොයින් තොගයක් සමඟ 2ක් අත්අඩංගුවට

0
හෙරොයින් තොගයක් සමඟ 2ක් අත්අඩංගුවට

රුපියල් කෝටි දෙකකට අධික වටිනාකමකින් යුත් හෙරොයින් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු පොලීස් මත්ද්‍රව්‍ය කාර්යාංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

වැල්ලම්පිටිය – කඩුවෙල මාර්ගයේ ගල්වාන හන්දිය ප්‍රදේශයේදී කිලෝග්‍රෑම් දෙකකට අධික හෙරොයින් තොගයක් ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය පැවසුවේ.

එම හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් දෙකෝටි තිස් ලක්ෂයකට අධික බව සඳහන් වෙයි.

සැකකරුවන් අළුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version