මෛත්‍රිට ජනපතිකම හා මහින්දට අගමැතිකම ලොකුවෙලා

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට ජනාධිපතිකමත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට අගමැතිකම ලොකු වී ඇති බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

“මහින්දට අගමැතිකමත්, මෛත්‍රිට ජනපතිකමක් ලොකු නිසයි අද රට මේ තත්ත්වයට පත්ව තිබෙන්නේ. මේ රටේ සෑම පුරවැසියෙකුගෙන්ම ඉල්ලා සිටින්නේ මේවා පාඩම් බවට පත්කර ගන්න. ප්‍රජතන්ත්‍රවාදී දේශපාලනයක් වෙනුවෙන් එක්වන්නැයි ජනතාවට කියනවා”

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේ පැවැත්වූ මාධ්‍ය හමුවකදී මේ බව පැවැසීය.

Exit mobile version