මිනිමුතු මෝරෙකු සමඟ පුද්ගලයින් අත්අඩංගුවට

වාලච්චේන ධීවර වරායට අනුයුක්තව රාජකාරී නියුතු වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ නාවිකයන් පිරිසක් පසුගිය දා සිදු කරන ලද සෝදිසි කිරීමක දී ඩිංගි යාත්‍රාවක තිබී අල්ලන ලද මිනිමුතු මෝරෙකු සමඟ පුද්ගලයින් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

කිලෝග්‍රෑම් 170 ක් පමණ බරකින් යුක්ත මෙම මෝරුන් විශේෂය ධීවර හා ජලජ සම්පත් පනත යටතේ ඇල්ලීමට තහනම් දුර්ලභ විශේෂයක් බවට නම් කොට ඇත.

එම මෝරා සහ පුද්ගලයින් ඉදිරි නීතිමය කටයුතු සඳහා මඩකළපුව සහකාර ධීවර අධ්‍යක්ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කොට ඇත.

 

Exit mobile version