ලසන්ත ඝාතන පරීක්ෂණ මෙහෙයවු නිලධාරියා මාරු කරයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු කර අැති බව වාර්තාවේ.

සේවයේ අවශ්‍යතා මත යැයි සඳහන් කරමින් ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සිට මීගමු කොට්ඨාසයේ සාමාන්‍ය රාජකාරි සඳහා ස්ථාන මාරු කර තිබේ.

සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කිරීම, උපාලි තෙන්නකෝන්, කීත් නෝයාර් සහ නාමල් පෙරේරා යන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන්ට වධ හිංසා කිරීම ගැන විමර්ශන පවත්වා සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබුවේ ද නිශාන්ත සිල්වා මහතා විසිනි.

Exit mobile version