43 වැනි උදා ගම්මානය “අශෝකපුර” – අගමැති අතින් ජනතා අයිතියට

නව උදාගම්මාන වැඩසටහන යටතේ ජනතා අයිතියට පත්වන 43 වැනි උදා ගම්මානය පුත්තලම දිස්ත්‍රික්කයේ නාත්තන්ඩිය, මානිංගල “අශෝකපුර” වේ. නව නිවාස 98 කින් සමන්විත “අශෝකපුර ගම්මානය” ඉදිකිරීම ඇරඹුණේ 2016 වසරේ මැයි මස 18 වනදාය.

නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ඇරයුමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතින් හෙට(18) මෙම ගම්මානය ජනතා අයිතියට පැවරේ.

නිවාස ඉදිකර ගැනීම සඳහා ප්‍රතිලාභීන් වෙත ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් අඩුපොළී නිවාස ණය ලබා දී ඇති අතර මෙය ද ප්‍රජා සහභාගීත්ව නිවාස සංවර්ධන වැඩසටහන යටතේ ඉදි වු උදා ගම්මානයකි.

Exit mobile version