නවීන් ප‍්‍රමුඛ මන්තී‍්‍ර කණ්ඩායමක් මහ නාහිමිවරුන් දැනුවත් කිරීමට යයි

වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳ එක්සත් ජාතික පක්‍ෂයේ මන්තී‍්‍රවරුන් අද (20) සහ හෙට (21) දිනයේ මහා නාහිමිවරුන් දැනුවත් කිරීම සඳහා කටයුතු කිරීමට සැළසුම් කර කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව අද දිනයේ අස්ගිරි, මල්වතු සහ රාමඤ්ඤ නිකායික මහ නාහිමිවරුන් දැනුවත් කරනු ඇත.

හෙට දිනයේ අමරපුර සහ සියම් නිකායික මහා නාහිමිවරුන් දැනුවත් කිරීමට කටයුතු සූදානම් කර ඇත.

මේ සදහා එක්සත් ජාතික පක්‍ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර නවීන් දිසානායක ප‍්‍රමුඛ මන්තී‍්‍ර කණ්ඩායමක් සහභාගි වීමට නියමිතය.

Exit mobile version