පක්ෂ විපක්ෂ ගැටුමෙන් වුන හානිය තක්සේරු කිරීම හෙට

පාර්ලිමේන්තුවේ ඉකුත්දා ඇති වූ නොසන්සුන් සිද්ධියේදී මැතිසබයේ දේපළවලට සිදුවූ හානිය පිළිබද තක්සේරු කිරීමේ කටයුතු ආරම්භ කර තිබේ.

මූලික විමර්ශනයේදී හෙළි වි ඇත්තේ මයික්‍රොෆෝන කිහිපයකට හා පුටුවකට හානි සිදුව ඇති බවයි.

මයික්‍රෙෆෝන සැපයූ ආයතනවලටද පාර්ලිමේන්තුවට පැමිණ සිදුවූ හානිය පිළිබඳ තොරතුරු ගණනය කරන ලෙසට දන්වා ඇති බවද වාර්තා වේ.

හානියට පත් උපකරණ ලබන සිකුරාදා වනවිට සකස් කිරීමට පාර්ලිමේන්තු බලධාරීන් කටයුතු කර ඇත.

සමස්ත පාර්ලිමේන්තුවම රුපියල් බිලියන 8 කට ආසන්න මුදලකට රක්‍ෂණය කර තිබේ.

ඒ අනුව සිදුවූ අලාභහානි පිළිබද තක්සේරු කිරීමේ කටයුතු සඳහා රක්‍ෂණ නියෝජිතයින්ද පාර්ලිමේන්තුවට කැඳවීමට තීරණය කර ඇත.

ඒ අනුව ඔවුන් හෙට (21) දිනයේ පාර්ලිමේන්තුවට පැමිණීමට නියමිතය.

Exit mobile version