ලක්ෂ 12ක මත්පෙති සමඟ 3ක් මාට්ටු

මිනුවන්ගොඩ නගරයේදී ඇපල් වර්ගයේ මත්පෙති 4000ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවන් තිදෙනෙකු මිනුවන්ගොඩ පොලීසිය විසින් ඊයේ(20) අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් එම සැකකරුවන් මිනුවන්ගොඩ සහ කඳාන ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් වන අතර ඔවුන් වයස අවුරුදු 35ත් 40ත් අතර පසුවන වන පුද්ගලයින් බවට පොලීසිය සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් මත්පෙති වල වටිනාකම රුපියල් ලක්ෂ 12කට අධික වන බවයි පොලීසිය පැවසුවේ.

සැකකරුවන් අද(21) දින මිනුවන්ගොඩ ගරු මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

සිද්ධිය සම්බන්ධයෙන් මිනුවන්ගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.

Exit mobile version