සිකුරාදට පාර්ලිමේන්තු ගැලරිය වැසෙයි

පාර්ලිමේන්තු රැස්වීම පැවැත්වෙන අනිද්දා දිනයේ මහජන ගැලරිය සහ කථානායක විශේෂ ආරාධිත ගැලරිය වසා දැමීමට තීරණය කර තිබේ.

වේත්‍රධාරී කාර්යාලය සඳහන් කළේ පාර්ලිමේන්තු ගැලරියට ඇතුලූවීමට අවසර හිමිවන්නේ මාධ්‍යවේදීන්ට පමණක් බවයි.

මීට අමතරව එදිනට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්ද ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ.

Exit mobile version