ස්වර්ණාභරණ තොගයක් 4 ක් රේගු අත්අඩංගුවට

නීතිවිරෝධි ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ ස්වර්ණාභරණ තොගයක් සමග සිව් දෙනෙකු ගුවන්තොටුපල රේගුව අත්අඩංගුවට ගෙන තිබේ.

එහි වටිනාකම එක්කෝටි හතලිස් ලක්ෂයකට අධික වටිනාකමකින් යුත්ත බව සඳහන්ය.

මෙම පිරිස ඉන්දියාවේ – මුම්බායි හි සිට ඊයේ (22) රාත්‍රියේ මෙරටට පැමිණි බව ගුවන්තොටුපල රේගුව කියා සිටියේය.

අත්අඩංගුවට ගත් පිරිස අතර සැකකාරියන් තුන්දෙනෙකු සහ එක් සැකකරුවෙකු සිටින බව සඳහන්ය.

ඔවුන් රැගෙන ඒමට උත්සාහ කළ රත්‍රං තොගයේ බර කිලෝග්‍රෑම් දෙකයි ග්‍රෑම් පන්සියය ඉක්මවන බවයි රේගුව ප්‍රකාශ කළේය.

Exit mobile version