රන් මිල පහළට

ගෝලීය ආර්ථිකයේ ප්‍රවණතා හේතුවෙන් ලෝක වෙළඳපොලේ රන් මිල පහත වැටීමක් පෙන්නුම් කර තිබේ.

රන් අවුන්සයක මිල සති අන්තයේදී ඇමරිකානු ඩොලර් 1223 ක් ලෙස සටහන් විය.

ගෝලීය ආර්ථිකය මන්දගාමී වීම සහ තෙල් මිල පහත වැටීම මෙලෙස රන් මිල කෙරෙහි ඍජුව බලපා ඇති බව විශ්ලේෂකයන් පෙන්වා දෙයි.

බ්‍රෙන්ට් වර්ගයේ තෙල් බැරලයක මිල මේ වනවිට ඇමරිකානු ඩොලර් 60 කට වඩා පහත වැටී තිබේ.

Exit mobile version