පුදුකුඩිරිප්පුවේ කොටි කොඩියක් එල්ලෙයි

පුදුකුඩිරිප්පු මහා විද්‍යාලය අසල පහිටි විදුලි කණුවක එල්.ටී.ටීඊ. කොඩියක් ගැට ගසා ඇත.

මේ පිළිබඳ පොලිසිය දැනුවත් කිරීමෙන් පසු එය ඉවත්කොට ඇති අතර මුලතිව් පුදුකුඩිරිප්පු පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.

කොඩියේ දෙකලවර ගල් එල්ලා වයර් මත රැදෙන පරිදි විසිකිරීමෙන් මෙම කොඩිය එල්ලීමට සලස්වා ඇත.

එල්.ටී.ටී. ඊ. මහ විරු දිනයට සමගාමීව කිසිදු අයුරකින් කොටි සංවිධානයට අයත් නිල ලාංඡන, කොඩි හෝ නිල ඇඳුම් සහිත ඡායාරූප භාවිතාව තහනම් කරමින් මින් පෙර අධිකරණ නියෝගයක් ලබා දී තිබුණි.

Exit mobile version