එක් දරු මව ළිඳට බිලිවේ

දරු ප්‍රසූතියෙන් පසු ආතති තත්ත්වයෙන් පසු වූ කාන්තාවක ළිඳට වැටී මිය ගොස් ඇත.

මෙසේ අවාසනාවන්ත ලෙස මිය ගොස් ඇත්තේ මොහොමඩ් මකීන් ෆාතිමා මිස්නා නමැති එක් දරු මවකි.

මෙම කාන්තාව සිය ප්‍රථම දරුවා බිහිකර මේ වන විට දින 27ක් ගත වී ඇත.

පළමු දරු ප්‍රසූතියෙන් පසු විටින් විට රෝගී වූ ඇය මිය යන විට වෛද්‍ය ප්‍රතිකාර ලබමින් පසු විය.

Exit mobile version