අධික වර්ෂාවෙන් කොළඹ මාර්ග කිහිපයක් යටවෙයි

පවතින අධික වර්ෂාව හේතුවෙන් කොළඹ නගරයේ මාර්ග කිහිපයක් ජලයෙන් යටවී තිබේ.

තුන්මුල්ල, වෝඩ් පෙදෙස, කිංසි පාර සහ බේස්ලයින් මාර්ගය ඇතුලූ තවත් මාර්ග කිහිපයක් මෙලෙස ජලයෙන් යටවී ඇති බව පොලීසිය සඳහන් කළේය.

මේ හේතුවෙන් රථවාහන තදබදයක්ද ඇතිව තිබෙන බව පොලීසිය ප්‍රකාශ කළේය.

Exit mobile version