යතුරුපැදි අනතුරකින් අයෙක් මරුට

අද(29) උදෑසන 5.00 පමණ බද්දේගම, ගුරුසිංහගොඩ මාර්ගයේ, දෙල්ගහ මන්සංදියේ සිදුවු යතුරුපැදි අනතුරකින් පුද්ගලයෙක් මිය ගොස් ඇති බව වාර්තා වෙයි.

ගුරුසිංහගොඩ මාර්ගයේ ධාවනය වෙමින් තිබු යතුරුපැදියක් දෙල්ගහ මන්සංදියේදී මාර්ගයෙන් ඉවතට පැන අසල තිබු ගොඩනැඟිල්ලක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවට පොලීසිය සැකකරයි.

මෙලෙස අනතුරින් මිය ගොස් ඇත්තේ බද්දෙගම, වව්ලගොඩ ප්‍රදේශ පදිංචි 32 හැවිරිදි දිනේෂ් අමිල නැමති තරුණයෙකි. සිද්ධිය සම්බන්ධයෙන් බද්දේගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Exit mobile version