රජයට විරෝධය දක්වා ගොවීන් දහස් ගණනක් දිල්ලියට

ණය කප්පාදු කිරීම ඇතුළු සහන ඉල්ලා දස දහස් සංඛ්‍යාත ගොවීන් අද දෙවන දිනටත් ඉන්දියාවේ – නවදිල්ලි අගනුවරට රැස්ව සිටියි.

ඔවුන්ගේ අරමුණ අද පාර්ලිමේන්තුව වෙත ගොස් තම දුක් ගැණවිලි ඉදිරිපත් කිරීමයි.

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි නැවත පත්වීම සඳහා මැතිවරණයකට මුහුණදීමට මාස කිහිපයක් තිබියදී දියත් කර ඇති මෙම විරෝධතාව ඔහුට ප්‍රබල අභියෝගයක් ලෙසයි සැලකෙන්නේ.

ඉන්දියාව පුරා ගොවි සංවිධාන 207 ක් නියෝජනය කරන මෙම ගොවි විරෝධතාව හේතුවෙන් නවදිල්ලි නුවර ආරක්ෂාව සඳහා අද 3500 ක අමතර පොලිස් බලඇණියක් යොදවා ඇති බව සඳහන්ය.

ආන්ද්‍ර ප්‍රදේශ්, ගුජරාට්, මධ්‍ය ප්‍රදේශ්, මහාරාෂ්ඨ, තමිල්නාඩු, බටහිර බෙංගාල සහ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තවල සිට දුම්රිය මෙන්ම, ට්‍රැක්ටර් වල නැගී ගොවීන් ඉන්දීය අගනුවරට පැමිණ කඳවුරු බැඳ සිටින්නේ ඊයේ සිටයි.

අයෝද්‍යාවේ රාම දෙවොල ගොඩනැගීමට පෙර ගොවිණය කපා හැරීමට කටයුතු කරන ලෙසයි ඔවුන් මෝදි රජයෙන් ඉල්ලා සිටිනේ.

Exit mobile version