උඩවලවේ හස්තියෙකු වෙඩි තබා ඝාතනය කරලා

උඩවලව ජලාශයේ පිටවාන අසළ දී ඇතෙකු වෙඩි තබා ඝාතනය කර තිබේ.

අද (01) අලුයම ලද තොරතුරකට අනුව උඩවලව ජාතික වනෝද්‍යානයේ සිදුකළ සෝදිසියකදී මෙම ඇතාගේ සිරුර හමුවූ බව වනජීවි අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර කියා සිටියේය.

අවුරුදු 10ත්, 12ත් අතර වයසේ පසුවන මෙම හස්තියාට වෙඩි තැබූ පුද්ගලයන් පිළිබඳ මෙතෙක් තොරතුරු අනාවරණ වී නැහැ.

Exit mobile version