වව්නියාවේ වෙළඳ සැලක ගින්නක්

 

වව්නියාව, නගරයේ විදුලි භාණ්ඩ අලෙවි කළ වෙළඳ සැලක ගින්නක් හට ගෙන තිබේ.

ඊයේ(01) දහවල් විදුලි කාන්දුවකින් මෙම ගින්න හටගෙන ඇති බවට සැක පළ කරන අතර ගින්නෙන් අලෙවි සැළ තුළ තිබූ විදුලි උපකරණ රැසක් ගිනිගෙන ඇති බව පොලීසිය පැවසීය.

ගින්නෙන් විනාශ වූ භාණ්ඩවල වටිනාකම තක්සේරු කොට නොමැති බවද පොලීසිය සඳහන් කළේය.

පොලීසිය පැවසූවේ වව්නියාව නගර සභා ගිනිනිවීමේ ඒකකය හා පොලිස් නිලධාරීන් එක්ව ගින්න නිවා දැමීමට කටයුතු කළ බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් වව්නියාව පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙවයි.

Exit mobile version