ජනපති සමඟ අද පැවැත්වෙන සාකච්ඡාව ගැන එජාපය කතා කරයි

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සහ එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින් අතර සාකච්ඡාවක් අද (02) රාතී‍්‍ර 07.00ට පැවැත්වීමට නියමිතය.

ජනාධිපති කාර්යාලයේදී මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිතය.

මෙම සාකච්ඡාව සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්තී‍්‍ර අකිල විරාජ් කාරියවසම් අදහස් පළ කරමින් සඳහන් කළේ පසුගිය සාකච්ඡාවෙන් පසු තවදුරටත් සාකච්ඡා කිරීම සඳහා මෙම හමුව සිදුවෙන බවයි.

පසුගිය සාකච්ඡාවේදී එකඟතාවයට ඒමට නොහැකි වූ කරුණු සම්බන්ධයෙන් අද දිනයේ සිදු කෙරෙන සාකච්ඡාවේදී එකඟතාවයන්ට එළඹීමට බලාපොරොත්තු වෙන බවද සඳහන් කළේය.

මේ අතර දෙමළ ජාතික සන්ධානයද මීට පෙර ජනාධිපතිවරයා හමුවූ අතර දේශපාලන අර්බුදයට ජනාධිපතිවරයා ලබන බදාදා වන විට ස්ථිර විසඳුමක් ලබා දෙනු ඇති බව එම මන්තී‍්‍ර කණ්ඩායම ප‍්‍රකාශ කර තිබිණි.

Exit mobile version