කැබ් රථයක් දුම්රියක ගැටී අනතුරක් – PHOTOS

යාපනය, කොඩිගාමම් ප්‍රදේශයේදී කැබ් රථයක් දුම්රිය හරස් මාර්ගයකදී දුම්රියක ගැටීමෙන් ඊයේ (02) පස්වරුවේ අනතුරක් සිදුව තිබේ.

යාපනයේ සිට කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබූ යාල්දේවී දුම්රියට කැබ් රථය වැදී ඇත්තේ කොඩිගාමම් පොලිස් ස්ථානයට නුදුරින්ය.

කැබ් රථයේ රියදුරු දුම්රියක් පැමිණෙන බව නොදැන හාර්ස් මාර්ගය හරහා කැබ් රථය ඇතුළු කරද්දී දුම්රිය දැක කැබ් රථයෙන් බිමට පැන දිව ගොස් තිබේ.

ඒ මොහොතේම කැබ් රථය දුම්රියේ ගැටී ඇති නමුත් රියදුරු එහි නොසිටි නිසා ඔහුට අනතුරක් සිදුව නොමැත.

මේ අනතුරෙන් කැබ් රථයට හානි සිදුව තිබේ. යාපනයේ කොඩිගාමම් පොලීසිය සිද්දිය පිළිබදව පරීක්ෂණ පවත්වාගෙන යයි.

Exit mobile version