මී උණ හේතුවෙන් පුද්ගලයින් 81ක් රෝහල් ගත කෙරේ

මේ වන විට පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මී උණ රෝගයෙන් පුද්ගලයින් දසදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොළොන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය සරත් ජයසිංහ මහතා පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (02) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

මේ අතර මී උණ රෝගය හේතුවෙන් 81ක් දෙනෙකු පමණ මේ වන විට රෝහල් ගත කර ඇති අතර ඉන් දසදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වෙයි.

එමෙන්ම මී උණ රෝගය සම්බන්ධව පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවිසංවිධාන සහ ගෝවීන් දැනුවත් කර ඇති බවත් මහජන පරීක්ෂකවරුන්  මඟින් අදාළ ප්‍රතිකාරද ලබා දී ඇති බවද ඒ මහතා පෙන්වා දෙයි.

මහජන පරීක්ෂකවරුන් මාර්ගයෙන් ලබා දී ඇති ප්‍රතිකාර නිසි ආකාරව භාවිතා නොකිරීම හේතුවෙන් මෙම තත්ත්වය උදාවී ඇති බව පොළොන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය සරත් ජයසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.

Exit mobile version