ශ්‍රීලනිප විශේෂ සමුළුව අද

අද  (04)  දින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විශේෂ සමුළුව සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදි පැවැත්වීමට නියමිතය.

පක්ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ මෙම සමුළුව පැවැත්වෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සඳහන් කළේය.

මෙහිදි ජනාධිපතිවරයා විසින් විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට ද නියමිත බව රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සඳහන් කළේය.

මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ වාණිජ මණ්ඩල නියෝජිතයින් අතර හමුවක් ඊයේ (03) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පවත්වා තිබේ.

රටේ පවතින වත්මන් ආර්ථික තත්ත්වය සහ වාණිජ මණ්ඩලවල කටයුතු පිළිබදව මෙහිදි සාකච්ඡාවට ලක් කෙරුණු බව ජනාධිපති මාධ්‍ය  අංශය සඳහන් කළේය.

Exit mobile version