මත්කුඩු සමඟ අයෙක් දැලේ

“මාවා” නැමතී දුම්කොළ වලින් නිෂ්පාදනය කරන ලද මත්කුඩු ග්‍රෑම් 1400 ප්‍රමාණයක් සමඟ දඹුල්ල ත්‍රිරෝද රථ රියදුරෙකු සැකපිට දඹුල්ල පොලිසිය ඊයේ(03) අත්අඩංගුවට ගෙන තිබේ.

“මාවා” නැමැති විෂ මත්දව්‍ය අලෙවි කරන බවට ලද තොරතුරක් මත පොලීසිය මෙම ත්‍රිරෝද රථ රියදුරා අත්අඩංගුවට ගෙන අැත.

සැකකරු අද(04) දින දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර දඹුල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Exit mobile version