Home දේශීය පුවත් ෆිච් රේටින්ස් ශ්‍රී ලංකාව පහත දැමීම ගැන මහ බැංකුවෙන් නිවේදනයක්

ෆිච් රේටින්ස් ශ්‍රී ලංකාව පහත දැමීම ගැන මහ බැංකුවෙන් නිවේදනයක්

0
ෆිච් රේටින්ස් ශ්‍රී ලංකාව පහත දැමීම ගැන මහ බැංකුවෙන් නිවේදනයක්

ජාත්‍යන්තර ෆිච් රේටින්ස් ආයතනය හා ස්ටෑන්ඩට් ඇන්ඞ් පුවර්ස් ආයතනය විසින් ශ්‍රී ලංකාවේ දිගු කාලීන විදෙස් ණය ශ්‍රේණිගත කිරීම පහත දැමීමට ගනු ලැබූ තීරණයට ශ්‍රී ලංකා මහබැංකුව විරෝධය පළ කරයි.

අදාළ ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන විසින් ශ්‍රී ලංකාවේ දිගු කාලීන ණය ශ්‍රේණිගත කිරීම B+ මට්ටමේ සිටි B මට්ටම දක්වා පහත හෙළිමට පියවර ගෙන තිබිණි.

එය රටෙහි සාර්ව ආර්ථික මූලධර්ම මගින් පිළිබිඹු සාධකවලට පටහැනිව සිදු කර ඇති බව ශ්‍රී ලංකා මහබැංකුව පැවසීය.

ඉකුත් ඔක්තෝම්බර් 26 වැනිදා නව අග්‍රාමාත්‍යවරයෙකු පත් කිරීමත් සමඟ ඇති වූ දේශපාලන අර්බුදයේ ප්‍රතිඵලයක් ලෙස විදේශ ණය නැවත ගෙවීම පිළිබද ඇතිවූ අවදානමද සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම පහල දැමීමට පියවර ගත් බව ෆිච් රේටින්ස් ආයතනය පෙන්වා දෙයි. එහෙත් ශ්‍රී ලංකා මහබැංකුව පවසන්නේ මෙම ශ්‍රේණිගත කිරීම සාධාරණ නොවන බවයි.

සාර්ව ආර්ථික ප්‍රතිපත්තිවල හෝ මූලධර්මවල දුර්වලවීමක් පිළිබද කිසිදු සාක්‍ෂියක් නොමැතිව දේශපාලන අස්ථාවරභාවය ඉහළයාම යන කරුණ මත පමණක් පදනම්ව එය සිදුකිරීම සාධාරණ නොවන බව ශ්‍රී ලංකා මහබැංකුවේ අදහසයි.

ෆිච් රේටින්ස් ආයතනයේ දත්තවලට අනුව ඉකුත් සැප්තැම්බර් මාසය අවසන් වනවිට 2019 සහ 2022 දක්වා ශ්‍රී ලංකාව ගෙවිය යුතු විදේශීය මුදල් ඒකක පදනම් කර ගත් ස්වෛරීත්ව ණය ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 20.9 ක්. කෙසේවෙතත් 2019 වසරේ කල් පිරීමට නියමිත ජාත්‍යන්තර ස්වෛරීත්ව බැදුම්කර සියල්ලම, පියවීමට අවශ්‍ය ප්‍රමාණයටත් වඩා වැඩි ප්‍රමාණයක් ශ්‍රී ලංකාව සතු වනු ඇති බව ශ්‍රී ලංකා මහබැංකුව පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version