අගමැති තෝරන්න එජාපෙ රහස් ඡන්දයක් ?

අගමැති ධුරය සඳහා එක්සත් ජාතික පෙරමුණේ නායකයෙකු තෝරාගැනීම සඳහා රහස් ඡන්දයක් පැවැත්විය යුතු බවට එක්සත් ජාතික පක්ෂයේ හා එක්සත් ජාතික පෙරමුණේ ප්‍රබලයින් එකඟතාවකට පැමිණෙමින් තිබේ.

එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ මහතාට අග්‍රාමාත්‍ය ධුරය ලබාදීම ජනාධිපතිවරයා ප්‍රතික්‍ෂේප කිරීමත්, රනිල් වික්‍රමසිංහ මහතා එයින් ඉවත් නොවීමත් තුළ එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවක් බිහිකර ගැනීමේ අවස්ථාව අහිමි වී යෑමේ තත්ත්වයක් හටගෙන ඇති බැවින් අගමැති අපේක්ෂකයා තේරීම සඳහා රහස් ඡන්දයක් පැවැත්වීමේ අවශ්‍යතාවක්  ඇති බව එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයින් අතර දීර්ඝ සාකච්ඡා ආරම්භ වී තිබේ.

මෙම රහස් ඡන්දය සඳහා ඡන්දය ලබා දීමට එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සාමාජිකයින් මෙන්ම 80දෙනෙක් පමණවන එජාපෙ මන්ත්‍රී කණ්ඩායම විසින් සිදුකළ යුතු බවටද එජාප ප්‍රබලයෝ සිය සාකච්ඡාවලදී එකඟතාවලට පැමිණ ඇති බවද වාර්තා වෙයි.

එමෙන්ම, මෙම අගමැති නම් කිරීම සඳහා රහස් ඡන්දයක් පැවැත්වීම තුළින් එ.ජා.ප නායකත්වය පිළිබඳව පැහැදිලි පිළිතුරක් ලබාගත හැකි බවට එජාප ප්‍රබලයෝ විශ්වාසය පළ කරති.

Exit mobile version