ළමා අපචාර, අප‍යෝජන වැඩිවෙලා

ඉකුත් කාලය තුළ එනම් 2018 වසරේ ළමා අපචාර, අපයෝජන සම්බන්ධ සිද්ධීන් 215 ක් වාර්තා වී ඇතැයි ඌව පළාත් ළමා හා පරිවාස කොමසාරිස් වාර්තා කර තිබේ.

තවද පාසැල් අධ්‍යාපනය නතර කිරීම් 35ක්ද දරුවන් නීතිවිරෝධී කටයුතු සදහා යොදා ගැනීම් 06 ක්ද , දරුවන් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවීමේ සිද්ධි 19 ක්ද වාර්තාවී තිබේ.

මේ දරුවන් අතරින් 49 දෙනෙක් පුනරුත්ථාපනයට යොමුකර ඇති අතර , රජයේ ළමානිවාස සදහා ළමුන් හැට තුන්දෙනෙක් යොමු කර තිබේ.

ඔවුන්ගෙන් 16 දෙනෙක් රැකියා හා ස්වයංරැකියා සදහා යොමුකළ බවද එම වාර්තා පෙන්වා දෙයි.

පසුගිය කාලය පුරා පුනරුත්ථාපනය හා කුල වැද්දීම් මගින් සමාජ ගත කල මෙම  ළමුන් ගණන 66කි. වෘත්තීය පුහුණුව සදහා ළමුන් 15 දෙනෙක් යොදවා ඇති බවද සදහන් වෙයි.

Exit mobile version