කොන්ක්‍රීට් ලෑල්ල කම්කරුවාට මරු කැඳවය

බෝක්කුවක් ඉදිකරමින් සිටි කම්කරුවන් දෙදෙනකු මතට කොන්ක්‍රීට් ලෑල්ලක් කඩා වැටීමෙන් එක් අයකු මිය ගොස් ඇත.

මෙලෙස මිය ගොස් ඇත්තේ අගලවත්ත බෙල්ලන පදිංචි නන්දන (34නමැති දෙදරු පියෙකි.

මිය ගිය අය හා තුවල ලැබූ පුද්ගලයා මාර්ග සංවර්ධන අධිකාරියේ කම්කරුවන් ලෙස සේවය කළ අතර ඊයේ(05) මතුගම පැලවත්ත නගරයේ බෝක්කුවක් ඉදිකිරීම සඳහා පැරණි පැති බැම්මක් ඉවත් කිරීමට යාමේදී මොවුන් මතට කොන්ක්‍රීට් ලෑල්ලක් කඩා වැටී ඇත.

තුවල ලැබූ දෙදෙනා ප්‍රදේශවාසීන් විසිින් කඩිනමින් රෝහල් ගත කළ අතර එහදී එක් පුද්ගලයකු මිය ගොස් ඇත.

Exit mobile version