යුක්තියේ හඬ රාත්‍රිය උණුසුම් වෙයි

එක්සත් ජාතික පක්ෂ පාක්ෂිකයින් පිරිසක් විසින් සංවිධිනයන කළ ‘යුක්තියේ හඬ’ ප්‍රසංගය අතරතුර දෙපිරිසක් අතර උණුසුම් තත්ත්වයක් හට ගැනුනු බව වාර්තා වේ.

ඊයේ(07) විහාරමහාදේවි එළිමහන් රංග පීඪයේදී පැවැති මෙම ප්‍රසංගයේදී පිරිසක් පන්දන් අතින් ගෙන මැතිවරණයක් අවශ්‍ය නොවන බව පවසමින් විරෝධතාවක නිරත වී ඇති අතර තවත් පිරිසක් මැතිවරණයක් අවශ්‍ය බව පවසමින් එතැනම විරෝධතාවක නිරතව ඇත.

මෙහිදී දෙපිරිස අතර බහින්බස් වීමක් සිදු වී ඇති අතර පෙලිසිය මැදිහත් ව දෙපිරිස පාලනය කර ඇත. මෙම ප්‍රසංගය සඳහා එජාප පාර්ලිමේන්තුමන්ත්‍රීවරුන් කිහිප දෙනකුද සහභාගී වී ඇත.

Exit mobile version