හෙරොයින් සමඟ 3ක් මාට්ටු

හෙරොයින් ලඟ තබාගෙන සිටි පුද්ගලයින් තිදෙනෙකු කැලණිය, පෑලියගොඩ හා පානදුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

කැලණිය තොරණහන්දිය ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 500යි මිලි ග්‍රෑම් 504ක් සමඟ 27 හැවිරිදි කැලණිය, වනවාසල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ.

පෑලියගොඩ, මුරුගන්වත්ත ප්‍රදේශයේදී ද හෙරොයින් ග්‍රෑම් 62යි මිලි ග්‍රෑම් 807ක් සමඟ 40 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

එමෙන්ම පානදුර, පරත්ත ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 02යි මිලි ග්‍රෑම් 300ක් සමඟ 50 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් අද(08) අලුත්කඩේ හා පානදුර මහේස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

Exit mobile version