පොහොට්ටුවේ සාමාජිකයෝ ජනපති හමුවෙති

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නියෝජිතයින් අද (10) පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා සාකච්ඡාවක් පැවැත්වීමට සැළසුම් කර ඇත.

මෙහිදී පොදුජන පෙරමුණු නියෝජිතයින් වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කිරීමට නියමිතය.

පසුගියදා මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම සාකච්ඡාව පැවැත්වීමට තීරණයක් ගෙන ඇත.

Exit mobile version