දෙදින නිල සංචාරයක් සඳහා අද ජනපති කටාර් යයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දෙදින නිල සංචාරයක් සඳහා අද (24) දිනයේ කටාර් රාජ්‍ය බලා පිටත්ව යාමට නියමිතය.
මෙම සංචාරය තුළ දී ජනාධිපතිවරයා කටාර් රාජ්‍යයේ නායකයින් රැසක් සමඟ සාකච්ඡා පැවැත්වීමටත් දෙරට අතර ද්වීපාර්ශික ගිවිසුම් කිහිපයකට ද අත්සන් තැබීමට නියමිතව තිබේ.
කටාර් හි වෙසෙන ශ්‍රී ලාංකිකයින් හමුවී ඔවුන්ගේ ගැටළු පිළිබඳව ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම සංචාරයේ දී සාකච්ඡා කිරීමට සැලසුම් කර තිබේ.
Exit mobile version