අතවරයක් කළ බවට බොලිවුඩ් ගායක මිකා සිංට එරෙහිව පැමිණිල්ලක්

බොලිවුඩ් ගායක මිකා සිං විසින් එමිරේට්ස් තරුණියකට අතවරයක් කිරීම සම්බන්ධයෙන් ඩුබායි අධිකරණයට ඉදිරිපත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එමිරේට්ස් තරුණියක් කරන ලද පැමිණිල්ලකට අනුව මිකා සිංව අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කරනු ලැබිය.

අනතුරුව ගායක මිකා සිං පොලිස් අත්අඩංගුවෙන් නිදහස් කර අධිකරණයට ඉදිරිපත් කිරීමට ඉන්දියානු තානාපති කාර්යාලය කටයුතු කළ බව වාර්තා වේ.

මීට පෙර ද අතවරයන් කීහිපයක් සම්බන්ධයෙන් මිකා සිංව අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Exit mobile version