පාර්ලිමේන්තුවේ ගැටුමට හේතු සොයන්න කමිටුව අද රැස්වෙයි

පාර්ලිමේන්තු සභා ගර්භය තුළ ඇති වූ ගැටුම්කාරී සිද්ධිය පිළිබඳ කරුණු සොයා බැලීමට පත් කෙරුණු කමිටුව පළමු වරට අද(12) දිනයේ පෙරවරු 10.00ට රැස්වීමට නියමිත තිබේ.

කථානායක කරූ ජයසූරිය මහතා විසින් පසුගිය නොවැම්බර් 14,15 සහ 16 යන දිනවලදී පාර්ලිමේන්තුවේ ඇති වූ ගැටුම්කාරී සිද්ධිය පිළිබද කරුණු සොයා බැලීමට මෙම කමිටුව පත් කරනු ලැබීය.

නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතාගේ සභාපතීත්වයෙන් යුත් මෙම කමිටුවට චමල් රාජපක්ෂ, රංජිත් මද්දුම බණ්ඩාර, චන්ද්‍රසිරි ගජධීර, බිමල් රත්නායක සහ මාවේ සේනාධිරාජා යන මන්ත්‍රීවරුන් ඇතුළත්ව සිටියි.

පාර්ලිමේන්තුවේ ඇති වූ මෙම ගැටුම්කාරී සිද්ධියෙන් පාර්ලිමේන්තුවේ දේපලවලට ද හානී  සිදුවූ අතර රුපියල් දෙලක්ෂ 60,000ක් පමණ එහිදී පාඩු සිදුව ඇති බව තහවුරු කරගෙන තිබේ.

Exit mobile version