යාපනේ සරසවි සිසු ගැටුමක්- තුනක් රෝහලේ

යාපනය සරසවියේ සිසුන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් තිදෙනකු තුවාල ලබා රෝහල් ගත කර ඇත.

යාපනය සරසවියේ විද්‍යා අංශයේ සිවුවන වසරේ සිසුන් සහ දෙවන වසරේ සිසුන් දෙපිරිසක් අතර ඊයේ(11) රාත්‍රියේ දී මෙම ගැටුම ඇති වී ඇත.

ගැටුමට හේතුවී ඇත්තේ නවක වද සිද්ධියක් වන අතර ගැටුමින් තුවාල ලබා ඇත්තේ දෙවන වසරේ සිසුන් තිදෙනෙකි.

යාපනය කන්දර්මඩම් ප්‍රදේශයේදී යාපනය සරසවියේ විද්‍යා අංශයේ සිවුවන වසරේ සිසුන් පිරිසක් දෙවන වසරේ සිසුන් පිරිසකට ඊයේ රාත්‍රී 10 ට පමණ නවකවදය දීමට යාමේදී ඇති වූ බහින්බස් වීමක් දුර දිග යාමෙන් මෙම ගැටුම ඇති වී ඇත.

Exit mobile version