කැලණි ගඟේ නාන්න ගිය හාමුදුරුවෝ අතුරුදන්

යටියන්තොට පොලිස් වසමේ අලිවත්ත ප්‍රදේශයේ දී භික්ෂූන් වහන්සේ නමක් දියේ ගිලී අතුරුදන්ව ඇත.

ඊයේ(12) දින කැලණි ගඟේ දිය නෑමට ගිය භික්ෂූන් වහන්සේලා පිරිසක් අතුරින් එක් භික්ෂුන් වහන්සේ නමක් මෙසේ අතුරුදන්ව ඇති බවයි පොලීසිය පැවසුවේ.

අතුරුදන් වු ස්වාමීන් වහන්සේ වයස අවුරුදු 13 ක් වු නිට්ටඹුව නාපාගොඩ පිරිවෙණේ වැඩවසන තුඩුවේ ශීලවංශ නම් භික්ෂුවක් බව පොලීසිය පවසයි.

අතුරුදන් වු හිමි නම සෙවීමේ කටයුතු නාවික හමුදාව, පොලීසිය එක්ව සිදු කරනු ලබන අතර යටියන්තොට පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වනු ලබයි.

Exit mobile version