ශිෂ්‍යත්වය සමත් වූ දුලාංජලී දියණියගේ ගමට ජල පිරිපහදු ඒකකයක්

ගලේවෙල පහල දිග්ගල ප්‍රාථමික විදුහලේ මෙවර පස්වැනි ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් වූ එකම දියණිය බවට පත් වූ දුලාංජලී මදුමාලි දියණියට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි ශ්‍රි ලංකා නාවික හමුදාව මගින් ඉදි කරන්නට යෙදුන ජල පිරිපහදු ඒකකය විවෘත කිරීම ඊයේ 23 දින පහල දිග්ගල විද්‍යාලයේදී සිදු කෙරිණි.

“මෛත්‍රී පාලනයක් – ස්ථාවර රටක්” යන සංකල්පයට සමගාවීම නාවික හමුදා සමාජ සත්කාරක සේවාවන්හි තවත් එක් පියවරක් වශයෙන් මෙම ජල පිරිපහදු යන්ත්‍රය ස්ථාපිත කර ඇත.

එම දියණියගේ පියා 2015 වර්ෂයේ වකුගඩු රෝගය උත්සන්න වීමෙන් ජීවීතක්ෂයට පත්ව ඇති අතර, ඔහු මිය යන විට 34 වන වියේ පසු විය. ආර්ථික අපහසුතා රාශියක් මධ්‍යයේ ඇය මෙවර ශිෂ්‍යත්ව විභාගය උසස් ලෙස සමත් වී ඇත.

Exit mobile version