රනිල් දිවුරුම් දෙන වෙලාව එජාපය කියයි

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද පෙ.ව. 11.16ට ජනපති ලේකම් කාර්යාලයේදී ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ නැවතත් අග්‍රාමාත්‍ය ධූරයේ දිවුරුම් දීමට නියමිත බව එම පක්ෂ නිල ටිවිටර් ගිණුමේ පණිවිඩයක සටහන්කර තිබේ.

මෙවර ඔහු අගමැතිධූරයේ දිවුරුම් දෙන්නේ පස්වැනි අවස්ථාවටය.

Exit mobile version