අබ්දුල්ලා යමීන්ට එරෙහිව දූෂණ චෝදනා යටතේ පරීක්ෂණ

මාලදිවයින් හිටපු ජනාධිපති අබ්දුල්ලා යමීන්ට එරෙහිව දූෂණ චෝදනා යටතේ පරීක්ෂණ පැවැත්වීමට එරට බලධාරීන් සූදානම් වන බවට එරට විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කරයි.

ඒ, අමෙරිකානු ඩොලර් මිලියන 6.5 ක මුදලක් තැන්පත් කර තිබූ ඔහුගේ පෞද්ගලික ගිණුමක් අත්හිටුවීමට මාලදිවයින් අධිකරණයක් නියෝග කිරීමෙන් පසුවය.

මාලදිවයින් අධිකරණය මෙම නියෝගය කළේ, එරට මහ බැංකුව අබ්දුල්ලා යමීන්ගේ පෞද්ගලික ගිණුමක සිදු වූ සැකසහිත මුදල් ගනුදෙනු දෙකක් පදනම් කර ගනිමින් පොලීසියට ගොනු කළ පැමිණිල්ලක් පදනම් කර ගනිමිනි.

Exit mobile version