දුම්රියක් පීලිපනීයි

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වු විශේෂ දුම්රියක් ඉහළ වටවල සහ රොසැල්ල දුම්රිය ස්ථාන දෙක අතර පීලි පැනිම හේතුවෙන් උඩරට දුම්රිය ගමනා ගමනයට බාධා පැමිණ ඇති බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි.

අද(18) පස්වරු 2 ට පමණ එම දුම්රියේ එන්ජිම පීලි පැන ඇති බවයි පාලක මැදිරිය කියා සිටියේ.

පීලි පැනිම හේතුවෙන් බදුල්ලේ සිට කොළඹ දක්වා ධාවනය වු පොඩි මැණිකේ දුම්රිය රොසැල්ල දුම්රිය ස්ථානයේත්, විශේෂ දුම්රිය හැටන් දුම්රිය ස්ථානයේත්, කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වු විශේෂ දුම්රියක් වටවල දුම්රිය ස්ථානයේත් නතර කර ඇති බවට වාර්තා වෙයි.

පීලි පැන ඇති දුම්රිය පීලිගත කිරිමේ කටයුතු කඩිනනමින් ආරම්භ කරන බවයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය වැඩිදුරටත් කියා සිටියේ.

Exit mobile version