ගංජා එක්ක කතක් අල්ලයි

වව්නියාව, පුන්තෝට්ටම් ප්‍රදේශයේදී කේරල ගංජා සමඟ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ. අැය 35 හැවිරිදි මුලතිව් ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි.

එහිදී ඇය සතුව තිබී කේරල ගංජා කිලෝග්‍රැම් 01යි ග්‍රෑම් 330ක් පොලීසිය විසින් සොයාගෙන තිබෙන බවයි පොලීසිය සඳහන් කළේ.

සැකකරු වව්නියාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

වව්නියාව පොලීසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.

Exit mobile version