පිටකොටුවේ සැඟව සිටි විදේශිකයා දැලේ

වීසා නොමැතිව මෙරට රැඳී සිටි විදේශිකයෙකු ඊයේ(18) කේසර් වීදිය ප්‍රදේශයේ දී පිටකොටුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ආගමන විගමන කොන්දේසි උල්ලංඝනය කරමින් වීසා නොමැතිව ඔහු මෙරට රැඳී සිට අැත.

මෙම විදේශිකයා වයස අවුරුදු 39 ක් වු පුද්ගලයෙකි.

සැකකරු අද(19) දින අලුත් කඩේ අංක 03 දරණ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

පිටකොටුව පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

Exit mobile version