Home දේශීය පුවත් සමුහ මිනීවලේ සාම්පල් අදත් ගනියි

සමුහ මිනීවලේ සාම්පල් අදත් ගනියි

0
සමුහ මිනීවලේ සාම්පල් අදත් ගනියි

මන්නාරම සමූහ මිනිවළ තුළින් ‍සොයාගත් අස්ථි කොටස් අතරින් කාබන් පරීක්ෂාවට යොමු කිරීමට නියමිත සාම්පල් ගැනීම අද දිනයේත් සිදු කරන බවට මන්නාරම සමූහ මිණිවල සම්බන්ධයෙන් කැනීම් කරන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී ශමින්ද රාජපක්ෂ මහතා පැවසීය.

අස්ථි කොටස් සාම්පල හයක් කාබන් පරීක්ෂාවට යොමුකිරීමට නියමිත බැවින් සමූහ මිණිවල භූමියේ ස්ථාන හයකින් අස්ථි සාම්පල ලබාගැනීමට නියමිත අතර, ඊයේ දින අස්ථි කොටස් සාම්පල දෙකක් ලබාගෙන ඇති බවද ශමින්ද රාජපක්ෂ මහතා පැවසුවේය.

අනෙකුත් අස්ථි කොටස් සාම්පල අද(19) දිනයේ ලබා ගැනීමට නියමිත අතර කාබන් පරීක්ෂාවට යොමු කරන අස්ථි කොටස් ඇමරිකාවේ ෆ්ලෝරිඩාවේ කාබන් පරීක්ෂණ රසායනාගාර වෙත යොමු කිරීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version