කසුන් හා අැලෝසියස්ගේ ඇප පළවනදා සලකා බලයි

මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත් කර සිටින එම සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක කසුන් පලිසේන යන අයගේ ඇප ඉල්ලීම් පිළිබඳ නියෝගය ලබන 01 වනදා ප්‍රකාශයට පත්කරන බව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

මෙම නඩුව අද(20) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී විත්තියේ නීතිඥවරුන් විසින් අධිකරණය හමුවේ ඇප ඉල්ලීම් ඉදිරිපත් කළේය.

රජයේ පාර්ශව විසින් ද මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීම් සිදුකළේය.

අනතුරුව ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය ලබන 01 වනදා ප්‍රකාශයට පත්කරන බව නියම කළ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය සැකකරුවන් දෙදෙනා එදින තෙක් රිමාන්ඩ් භාරයේ තැබීමට නියම කළේය.

එදින පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කරන මෙන් ද මහේස්ත්‍රාත්වරයා රහස් පොලීසියට නියෝග කළේය.

Exit mobile version