තෙවන වරටත් ශ්‍රී ලන්කන් ගුවන් සේවයට සම්මානයක්

25 වන ලෝක සංචාරක සම්මාන උළෙලේ දී ඉන්දියානු සාගර කළාපය වෙත පියාසර කරන ලොව ප්‍රමුඛතම ගුවන් සේවය ලෙස ශ්‍රී ලන්කන් ගුවන් සේවය තෙවන වරටත් සම්මානයට පාත්‍ර වී තිබේ.

පෘතුගාලයේ, ලිස්බන් නුවර දී පසුගිය දා පැවැති 25 වන ලෝක සංචාරක සම්මාන උළෙලේ දී මෙසේ ශ්‍රී ලංකන් ගුවන් සේවය සම්මානයට පාත්‍ර විය.

මෙම තරගාවලිය සදහා ශ්‍රී ලන්කන් ගුවන් සේවය සමඟ එයා ඕස්ට්‍රේලියා, එයා ප්‍රාන්ස්, එයා ඉන්ඩියා, එයා ෂීෂෙල්ස්, එයා ඒෂියා, බ්‍රිටිෂ් එයා වේස්, එමිරේට්ස්, ඉටිහාඩ්, K.L.M.(කේ.එල්.එම්), ලුෆ්තන්සා, කටාර් එයා වේස් සහ තුර්කි ගුවන් සේවය යන ලෝකයේ ප්‍රමුඛතම ගුවන් සේවා තරඟ වැදී තිබුණි.

ශ්‍රී ලන්කන් ගුවන් සේවය ඉන්දියාවේ ගමනාන්ත 13ක් වෙත, සතියකට ගුවන් ගමන් වාර 119 ක් ද, මීට අමතරව ඩකා, කරච්චි, ලාහෝර්,මාලදිවයින මෙන්ම මැද පෙරදිග, ඈත පෙරදිග යුරෝපය සහ ඕස්ට්‍රේලියාව වෙත ද සිය ගුවන් ගමන් සේවා සැපයීම සිදු කරමින් සිටිති.

Exit mobile version