තංගල්ලේ වෙඩි තැබීමකින් 4ක් මරුට

තංගල්ල කුඩාවැල්ල ප්‍රදේශයේ ධීවර වරායේදී අද(25) උදෑසන සිදුවූ වෙඩි තැබීමෙන් පුද්ගලයින් සිව්දෙනෙකු මිය ගොස් තිබේ.

එහිදී වෙඩි වැදීමෙන් තවත් පුද්ගලයින් පස් දෙනෙකු තුවාල ලබා ඇත.

පොලීසිය සඳහන් කළේ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් අද උදෑසන මෙම වෙඩි තැබීම සිදුකර පළා ගොස් ඇති බවයි.

තුවාල ලැබූවන් මේ වන විට තංගල්ල රෝහලට ඇතුළත් කර තිබේ.

Exit mobile version