අදත් සවස් කාලයේ තදවැසි

උතුරු, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද(25) නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

දිවයිනේ සෙසු ප්‍රදේශවල විශේෂයෙන් සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් මාතර දිස්ත්‍රික්කයෙත් ඇතැම් ස්ථානවලට මි.මී 100ක පමණ තද වැසි ද බස්නාහිර පළාතේත් යාපනය සහ මුලතිවු දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී 50ට වැඩි තරමක තද වැසිද ඇති විය හැක.

මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වල සමහර ප්‍රදේශවල උදය කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැක.

Exit mobile version